බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය. අතිපූජ්‍ය රේරුකානේ චන්ද්විමල මහා නාහිමි ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්රත්යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි. මෙයට, ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි මෙත් බෝ සෙවන හව්පකන්ද, තිත්තගල්ල, අහංගම කාලෙන් කාලෙට ලෝකේ සත්‍ය හොයන මිනිසුන් පහල වෙනවා. අද කාලේ සත්‍ය හොයන කෙනෙකුට කරන්න තියන අමාරුම දේ තමයි එකිනෙකට වෙනස් සත්‍ය ගැන ලියවුණු විශාල පොත් පත් තොගයකින් , විශාල ශ්‍රව්‍ය දුෂ්‍ය මාධ්‍ය තොගයකින් , එකිනෙකට වෙනස් මාර්ග කියන ගුරුවරුන් සමුහයකගෙන් ඇත්ත මොකද්ද කියල වෙන් කරගන්න එක. මොකද මේ වකවානුව ධර්මය කියන සම්මත දේශනා , පොතපත, ගුරුවරු බහුල වකවානුවක් මේ තාක් ඔබට බහුල ලෙසම ඇහුනේ “ සද්ධර්මයමද ? ” සද්ධම්මෝ පරම දුල්ලබෝ. මේ ලෝකයේ තියෙන අමාරුම දුර්ලභම දෙය තමයි සද්ධර්මය අහන්න ලැබීම. ලෝකෝත්තර මාර්ගය තවත් සම්ප්‍රදායික ඉගැන්වීමක් නොවේ . අපි ඔබට වචන පාඩම් කරන්න මතක තියාගන්න කියන්නේ නැත. අපි ඔබට සම්ප්‍රදායික අපහසු භාවනා ක්‍රම පැය ගණන් එක දිගට කරන්න කියන්නේ නැත .ඒ සම්ප්‍රදායික ඉගැන්වීම පෘතුවිය තුල බුදුන්ගේ පහල වීමටත් කලින් සිට පැවතිණි . බුදු වරයෙක් සාරසංකේය කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරන්නේ සත්‍ය වෙත කෙටි සුජු මාර්ගයක් සොයාගැනීමය. ඒ මාර්ගයයේ මියෙන තුරා රැකිය යුතු සීලයක් නැත . එහි ප්‍රථිපල සන්දිඨිකය. එනම් එහි ප්‍රථිපල මේ ජීවිතය තුලම අත්විදිය හැක . මේ ලෝකේ හැම මිනිසෙක්ම ගැහැණියක්ම තමන්ගේ සතුට වෙනුවෙන් හුගාක් දේවල් කරන නමුත් සතුට වෙනුවෙන් මොන දේ කලත් ලැබෙන සතුට රදවගන්නවත් ලබාගන්න තියන සතුට රදවගන්නවත් කාටවත් ඔවුනට හැකියාවක් නැත . මොකද ලෝකේ මිනිසුන්ට අඩුම දැනුමක් , අඩුම තේරුම් ගැනීමක් , අඩුම අවදානයක් තිබිල තියෙන්නේ තමන්ගේ ජීවිතේ ගැන සහ තමන්ගේම හිත ගැන නිසා. කවුරුහරි අප කියනේ දේ හොදින් අහගෙන ඒ දේවල් පුරුදුකරොත් ඒ කියන්නේ ඒ දහම ප්‍රයෝගික කලොත් එයා එයාගේ හිත එයාගේ ජීවිතය අවබෝධ කරන්න පටන් ගන්නවා තමන්ගේ හිත හොදට අවබෝද කරගත්තොත් , තමන්ගේ මනස හොදට පැහැදිලි කරගත්තොත් අන්න එයාට පුළුවන් හොදින් සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම එයාගේ සසර ගමන නතරකරලා දාන්න.